මතුගම පෙම්වතෙක් මව සමග නිවෙස බලා යමින් සිටි සිසුවියක පැහැරගෙන

0
නිවෙස බලා යමින් සිටි සිසුවියක

පෞද්ගලික උපකාරක පංතියකට ගොස් මව සමග නිවෙස බලා යමින් සිටි සිසුවියක ඇගේ පෙම්වතා බව කියන තරුණයකු මවට පහරදී සිසුවිය පැහැරගත් බවට  පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මතුගම පොලිසිය පවසයි.

සිසුවිය හොරණ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවත්, ඇය සමග මතුගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට ගොස් එමින් සිටීයදී තවත් පුද්ගලයකු සමග ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරු දියණියගේ අතින් ඇද ත්‍රීරෝද රථයට නංවාගෙන ගිය බව මව පොලිසිය කියා ඇත

එම අවස්ථාවේ පැමිණිලිකාරිය ද ත්‍රිරෝද රථයට නැගීමට උත්සාහ දරා ඇති අතර , සැකකරු ඇයට පා පහරක් එල්ලකර  පලාගොස් ඇති බව ද  ඇය කළ පැමිණිල්ලේ වැඩිදුරටත්  සදහන්වන බව පොලිසිය කියයි.

සැකකරු සහ පැහැරගැනීමට යොදාගත් ත්‍රීරෝද රථයද හදුනාගෙන  ඇත.