සනත් ජයසූරිය ලක්ෂ පනහක පඩියක් සමග ක්‍රිකට් උපදේශක තනතුරකට

0
සනත් ජයසූරිය

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පූර්ණ කාලීන ක්‍රිකට් උපදේශයකු ලෙස එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

ජයසූරියට ලබාදෙනු ඇත්තේ උපාය මාර්ග සැලසුම් කිරීම, තාක්ෂණ සහ පුහුණු කිරීම්, ජාතික කණ්ඩායමේ සමස්ත සංවර්ධනය වැනි ප්‍රධාන අංශක කිහිපයකි.

මේ සදහා මාසිකව රුපියල් ලක්‍ෂ පනහක මුදලක් ජයසූරිය විසින් මේ සඳහා ගෙවීමක් කරන ලෙස කළ ඉල්ලීමට අනුමැතිය ලැබී ඇති බවද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩනැගීම සඳහා තමන් මැදිහත් නොවන බව රොෂාන් මහනාම කියයි

රොෂාන් මහනාම

තමන් බලාපොරොත්තු වන ආකාරයෙන් කටයුතු සිදු කිරීමට නොහැකි නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩනැගීම සඳහා තමන් මැදිහත් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක රොෂාන් මහනාම සඳහන් කරයි.

පසුගිය අවුරුදු කිහිපය තුළම තමන්ට අවස්ථා ගණනාවකදීම විවිධ ඇමතිවරුන්ගෙන් ආරාධනා ලැබුණු බවද ඔහු පැවසීය.

මොනම ආකාරයෙන් හෝ තමන් ඒ සඳහා සහභාගී වන්නේනම් ඒ එකම විදිහට හිතන පිරිසක් සමගින් පමණක් බවත් හෙතෙම කියා සිටී.

තරහා මරහ පිරිමසා ගැනීමට පළිගැනීමට එන්නේ නම් තමන් ඒ සඳහා සූදානම් නැති බවද හෙතෙම පවසයි.

එවන් අරමුණකින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩදැමිය නොහැකි බවද පැවසූ ජාතික සැලැස්මක් නැතිනම් රටටත් ක්‍රීඩාවටත් සෞභාග්‍යයක් නොලැබුණු ඇති බවද තවදුරටත් කියා සිටියේය.