පාර්ලිමේන්තු ඡන්දයක් තිබ්බොත් සජබේ බහුතර සහය කාටද ?

0
පාර්ලිමේන්තු ඡන්දයක්

නව සන්ධානයට සහාය දක්වන මැති ඇමතිවරුන් වන නලින් ප්‍රනාන්දු,මහින්ද අමරවීර,ලසන්ත අලගියවන්න,නිමල් ලන්සා,පියංකර ජයරත්න,චන්න ජයසුමන,දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් පාර්ලිමේන්තු ලොබියේ වත්මන් දේශපාලන කරුණු කාරනා ගැන කතාබහ කරමින් සිටියා.

“දැන් සජබේ හැමෝම බයවෙලා ඉන්නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවන්න හදනවා කියලා “ලසන්ත අලගියවන්න කිව්වා.

“එන්නේ ජනාධිපතිවරණයක්නෙ ඒක සජබේ දන්නවා හැබැයි ඉතින් ඒකට බයයිනෙ සජිත්, පාර්ලිමේන්තු ඡන්දයක් තිබ්බොත් සජබේ දැන් ඉන්න හුඟාක් අය ජනාධිපතිතුමාට සහය දෙන්න යු.එන්.පි යට යනවා,අනිත් එක ඔය ඉන්න සෙට් එකෙන් බාගෙට බාගයක්වත් ඊලග පාර පාර්ලිමේන්තු එන්නේ නෑ”නිමල් ලන්සා සිනාසෙමින් කියල.

“ලන්සා කිව්වා වගේ දැනටමත් සජබේ කට්ටිය හුඟාක් ඉන්නේ එක්කෝ ජනාධිපති කාර්යාලයේ,නැත්තන් පාර්ලිමේන්තුවේ ජනාධිපතිගේ කාමරේ”දුමින්ද දිසානායක කිව්වා.

“ඔව්..අපිත් යන එනකොට දකිනවනේ හැබැයි හොරෙන් ජනාධිපතිතුමා හම්බෙනවා එලියට ඇවිත් ආණ්ඩුවට බනිනවා”අමරවීර කියල.

“ඔව් ඉතින් ආණ්ඩුවට ගැහුවේ නැත්තන් කොහොමද විපක්ෂ නායකතුමාගෙන් බේරෙන්නේ”ලන්සා කිව්වා.

“හුඟක් අය ඉන්නේ සජිත් එක්ක හොඳකින් නෙමෙයි”චන්න ජයසුමනද කතාබහට එක්වෙලා.

“ජනාධිපති වෙන්න කලින් ඉස්සරවෙලාම තමන්ගේ වටේ ඉන්න මන්ත්‍රීවරුන්ට සලකන්න දැනගන්න එපැයි,එක දන්නේ නැතුව කොහොමද ජනාධිපතිකම් කරන්නේ”නලින් ප්‍රනාන්දු කිව්වා.
“පොහොට්ටුවේ සංවත්සරය තියනවා නේද?සුගතදාස එක පුරවන්න ෆුල් ට්‍රයි කරනවලු”පියංකර කිව්වා.

“හන්බන්තොට මිනිස්සු කිහිපදෙනෙක්ම මටත් කතාකළා සමහර සංවිධායකයෝ කෙලින්ම කිව්වලු සෙනග ගේන්නේ නෑ කියල”අමරවීර කියල.

“කට්ටිය බලන්නේ 15 වැනිදා මොකක්හරි කියල අයෙත් ජනතාව අන්දන්න පුලුවන්ද කියල බලන්න”නලින් කියල.

Asian Mirror