චාමර සම්පත් විසින් ශානාක්‍යයෙන් රාසමානිකම් ගේ වස්ත්‍රය ගැලවූ හැටි

0
චාමර සම්පත් , ශානාක්‍යයෙන් රාසමානිකම්

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානාක්‍යයෙන් රාසමානිකම් අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය කාරක සභා අවස්ථාවේ පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේදී මෙම සංවාදය ඇති විය.

එහිදී ඇමතිවරයා පල කල අදහස් කිහිපයක් මෙසේය.

‘ඔය කතා කරපු කෙනා තමා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සාමාජිකත්වය අරන් මඩකලපුවෙන් චන්දෙ ඉල්ලුවේ.

යන්න එපා පිරිමියෙක් නම් ඇවිල්ල වාඩිවෙල අහගන්නවා ඕයි. තමුසෙ පිරිමියෙක් නම් වාඩිවෙල අහගන්නවා. මඩකලපුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකයා ඔය ගිය මිනිහා. 2010 අපේ පක්‍ෂෙ ඩාලි රෝඩ් එකේ සාමාජිකත්වය අරන් කාඩ් එක තිබුණා.

ඊළඟ එක මූ කොටියා කොටියා කොටිය කියලා කියවගන්න හදනවා. මූ ගියේ සිල්වෙස්ටර් නුවර. කෑවෙ සිංහල ගෙවල්වලින්. යාළුවෙලා ආශ්‍රය කරන්නේ සිංහල ගෑනු. බඳින්න යන්නේ සිංහල කෙල්ලෙක්.

මූ කොටියා කොටියා කියවගන්න යනවා අපේ සිංහල ගෙවල්වල මහනුවර දිස්ත්‍රික්කය හැදෙන්නේ. මහනුවර ඉගෙන ගත්තේ සිංහල ඉස්කෝලේ.

එහෙම කරලත් දැන් කොටිය කොටියා කියාගන්න හදනවා මේ මිනිහා. මෙතන ටීඑන්ඒ එකේ දහ දෙනෙක් ඉන්නවා. මේ මිනිහා ඇර අනිත් නම දෙනාටම කොටියා කිව්වට සාධාරණයි. ඒ මිනිස්සු කොටිත් එක්ක හිටපු මිනිස්සු’

චාමර සම්පත් හෙළිකල TNA අරබුධය

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහ දෙනාගෙන් පස්දෙනෙක්ම දැන් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බව රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

විපක්ෂයේ සිටින්නේ එම සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පහක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

එනිසා ඉදිරි මැතිවරණයේදී දෙමළ සන්ධානයට උතුරේ කිසිවක් කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ්ය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.