සජිත්ගේ බිරිදටත් ආරක්ෂක නිලධාරීන් 16 ක් දීලා වාර්ථාව සභාගත කරයි ඉල්ලා අස්වීමට සූදානම් බව විපක්ෂ නායක කියයි.

0
ඉල්ලා අස්වීමට

තම පුද්ගලික ව්‍යාපාර හෝ පරිහරණය සඳහා මහජන මුදල් යොදාගෙන ඇතැයි ඔප්පු කළොත් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇති වූ විවාදාත්මක තත්ත්වයකදී ඔහු මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද එහිදී සිදුවිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ විගණන වාර්තාව අනුව සජිත් ප්‍රේමදාස මහතා මුදල් අවභාවිතා කර ඇති බවට ඔප්පු වන බවයි.

එනිසා පැවසූ පරිදි වහාම ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.