නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක්

0
ක්‍රිකට් තේරීම් කමිටුවක්

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර මෑතකදී විශ්‍රාම ලැබූ තරුණ ක්‍රීඩකයන් සිවුදෙනෙක්ගෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.
හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග සභාපති ධූරය දරණ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස දඟ පන්දු යවන්නන් වන ඩිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස්, හිටපු ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන පත්කර තිබේ.