රොෂන් රණසිංහ ට එරෙහිව අල්ලස් චෝදනාවක්

0
රොෂන් රණසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රීඩා අරමුදලට ප්‍රදානය කළ මුදල් අවභාවිත කළේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සෙසු ක්‍රීඩාවල සංවර්ධන සඳහා ක්‍රීඩා අරමුදලට ප්‍රධාන කළ මුදල් ප්‍රයෝජනයට ගත් ආකාරය නිසි පරිදි අනාවරණය කර නොමැති බවත් එම මුදල් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය හෙළි කර ඇති තොරතුරු සම්බන්ධයෙන් පැහැදිළි විෂමතා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල තහවුරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැපවී සිටින බවත් ක්‍රීඩා පරිපාලන ක්ෂේත්‍රය තුළ පාලනයේ සහ ආචාරධර්මවල ඉහළම ප්‍රමිතිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරනු ඇතැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.