දකුණු පිලිපීනයේ රික්ටර් මාපකයේ 7.5 ක භූමිකම්පාවක්. සුනාමි අවධානමකුත් එයි.

0
දකුණු පිලිපීනයේ

දකුණු පිලිපීනයේ මින්ඩනාඕ දුපතේ රික්ටර් මාපකයේ අවම වශයෙන් 7.5 ක අගයක් ගත් භූමිකම්පාවක් ඊයේ (02) රාත්‍රී කාලයේ හටගෙන ඇතැයි පිලිපීන මාධ්‍ය වාර්තා කර ඇත.

භූමි කම්පාව හට ගැනීමත් සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර මීටර් 3 ක් තරම් ඉහළ සුනාමි රළ ඇති විය හැකි බවත් එම තත්ත්වය පැය කිහිපයක් පැවතිය හැකි බවත් පිලිපීන භූ කම්පන ඒජන්සිය වූ පිවොල්ක්ස් ප්‍රකාශ කළේය.

භූමිකම්පාව හටගැනීමත් සමඟ නිරිතදිග ජපාන වෙරළ තීරය ආසන්නයේ ඇතැම් ප්‍රදේශ වල ජනතාව සහ මින්ඩනාඕ දූපතේ භූමි කම්පාව ඇති වූ ප්‍රදේශයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට ජපාන සහ පිලිපීන බලධාරීන් කටයුතු කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියද සුනාමියක් ඇති විය හැකි බවත් මීටර් 3 දක්වා උස සුනාමි රළ ඇති විය හැකි බවත් අනතුරු අඟවමින් ප්‍රකාශ කළේය.

භූමි කාම්පාව හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳ තවම නිසි තොරතුරක් ලැබී නොමැති බව පිලිපීන බලධාරීන් පැවැසුවේය