ලංකා ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් ඇමතිවරයෙක් කැබිනට් රැස්වීමෙන් එලවයි

0

අද (27) මේ මොහොතේ පැවත්වෙන කැබිනට් රැස්වීම අතරතුර ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ මහතා කැබිනට් රැස්වීමෙන් ඉවත් කර තිබෙනවා.

සාමූහික වගකීම කඩකිරීම ඇතුලු රොශාන් රණසිංහ අමාත්‍යවරයාට එල්ලවී තිබූ චෝදනා කැබිනට් ලේකම්තුමා විසින් පහදා දීමෙන් අනතුරුව තව දුරටත් රොශාන් රණසිංහ අමාත්‍යවරයාට කැබිනට් රැස්වීමෙහි රැඳී සිටිය නොහැකි ලෙස දන්වා දැන් මොහොතකට කලින් (27 වැනිදා 15.30) අමාත්‍යවරයා මෙලෙස කැබිනට් රැස්වීමෙන් ඉවතට දමා ඇති බවටයි කැබිනට් ආරංචි මාර්ග වාර්ථා කරන්නේ.

රොශාන් රණසිංහ අමාත්‍යවරයා මෙලෙස කැබිනට් රැස්වීමෙන් ඉවතට දැමීම ලංකා දේශපාලන ඉතිහාසය තුල කැබිනට් අමාත්‍යවරයෙක් කැබිනට් රැස්වීමක් අතරතුර එලියට දැමූ පළමු අවස්ථාව ලෙසයි වාර්ථා වන්නේ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි සජබයේ නියෝජ්‍යනායක පදවිය සහ ජනාධිපති අපේක්ෂකත්වය රොෂාන් රණසිංහ මහතාට ලබා දීමට නියමිත අතර එම ජනපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය ආරම්භ කරමින් සිදුකිරීමට නියමිත නාට්‍යයට පසුබිම් සැකසීම වෙනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රොශාන් රණසිංහ මන්ත්‍රීවරයාට ඇති මරන තර්ජනයක් සම්බන්ධයෙන්ද හෙළිකලා. චන්ද්‍රිකා ඇස ඇපයට දුන්නාක් මෙන් අතක් කකුලක් හෝ ඇපයට තැබීමට සූදානම් බව රොශාන් රණසිංහ අමාත්‍යවරයා තම සමීපතමයින්ට හෙළිකර ඇතිබවත් සඳහන් වනවා.

කැබිනට් රැස්වීම