ආනමඩුව පොහොට්ටුව කෙස් ගහෙන් දිනයි. මාලිමාවට බිත්තර ගසා රතිඤ්ඤා දමා පන්නයි.

0
මාලිමාවට බිත්තර

ආනමඩුව විවිධ සේවා සම්පකාර සමිතියට අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් තෝරා පත් කර ගැනීමේ දී උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

මෙම ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන් කණ්ඩායම ජයග‍්‍රහණය කර ඇත්තේ වැඩි ඡන්ද හතරකිනි.

ජයගත් කණ්ඩායම විසින් ජාතික ජන බලවේග හිතවාදී කණ්ඩායමට බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ජයග්‍රහණය සමරමින් රතිඤ්ඤා දන්වා ඇත.

පසුව ආනමඩු පොලීසිය මැදිහත් වී තත්ත්වය පාලනය කර තිබේ.