ආර්ථිකයට සිදුකළ හානියේ තරම පැහැදිලි කිරිමට දින 7ක විවාදයක් සජිත් ඉල්ලයි

0
ආර්ථිකයට සිදුකළ හානියේ තරම

සුපිරි පොහොසතුන්ට බිලියන 700 ත් 800 අතර ණය සහන ලබාදී, රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8ට අඩු කර, ෆිච්, මූඩීස් සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ශ්‍රේණිගත කිරීම්වලින් රට පහළ දමන විට වත්මන් රජයේ ආර්ථික මහමොලකරුවන් සිනාසෙමින් සිටි බවත්, ආර්ථිකයට සිදුකළ හානියේ තරම පැහැදිලි කිරිමට දින 7ක විවාදයක් ලබා දෙන ලෙසත්, විපක්ෂ නායකවරයා අද (24) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට අභියෝග කළා.

බන්දුල ගුණවර්ධන නම් මහා ආර්ථීක විශේෂඥයා ලියූ පොතට අනුව, සෞභාග්‍යයේ දැක්මක් නිර්මාණය කළ බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, 2015ත් 2019ත් අතර ලබාගත් ණයවලින් 89%ක් පමණ වැය කළේ, 2005ත් 2015ත් අතර ලබාගත ණයවල පොලිය ගෙවීමට බවද සිහිපත් කළා.