ගාලුමුවදොර අරගලය නිසා පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය රටපුරා ව්‍යාප්ත උනා.

0
ගාලුමුවදොර අරගලය

ගාලුමුවදොර අරගලය විසින් මෙරට පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කර ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

වසරක පමණ කාලයක් තිස්සේ අරගලයත් ඒ ආශ්‍රිත සිද්ධීන් සම්බන්ධයෙනුත් පොලිසියට සම්පූර්ණ අවධානය යොමු කිරීමට සිදුවූ නිසා එමගින් වෙනත් කටයුතුවලට අවධානය අඩු වු බවද හෙතෙම පැවසීය.

එම කාලයේදී මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් වැඩි වී තිබෙන බවත් මේ වනවිට පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීමට ක්‍රමානුකූලව කටයුතු කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ මහජන ආරක්ෂා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට පාර්ලිමේන්තුවේ දී එක්වෙමිනි.