ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ හමුව උණුසුම්

0
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ

කෙත්තාරම ක‍්‍රීඩා පිටියේ උසස් උසස් දක්ෂතා අංශයේදී පැවති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ හමුවක් ඉතා උණුසුම් වාද විවාද පැවති බව වාර්තා වෙයි.

මෙම හමුවේ දී පුහුණු කරුවන් අතර ද කණ්ඩායම් බෙදීම් ඇතිවී අතර ඇති අතර ඔවුන් ලෝක කුසලාන පරාජය ගැන එකිනෙකාට චෝදනා කර ගෙන ඇත.

පුහුණු කරුවන් දෙදෙනෙකු අතර බහින්බස් වීමක් ඇතිවි ගහමරා ගන්නා තරමටම වර්ධනය වී තිබූ බව ද වාර්තා වේ.

අවසානයේදී පුහුණු උපදේශක මහේල ජයවර්ධන පුහුණුකරුවන් ඇතුළු සියලු දෙනාටමත් තදින් බැණ වැදී ඇති අතර එය ඉතා උස් හඬින් ක්‍රීඩාංගනය පුරා ඇසුණු බව ද දැනගන්නට ඇත.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වනිදු ගැන ශම්මි කියූ බොරුවක් මාට්ටු

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ

තමන් මෙවර එක්දින ලෝක ශුරතා ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවූයේ දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අවසානයේ තමන් යලි පුහුණුවීම් ආරම්භ කරන කළද එහිදී නැවත පාදයේ ආබාධය මතු වූ බව ද හෙතෙම පැවසීය.

එහිදී වෛද්‍ය මතය වූයේ ශල්‍යකර්මයක් කළත් නොකළත් ආබාධය සුව වීමට සති 12 ක කාලයක් යන බව යැයිද වනිදු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ම නිල අන්තර්ජාල නාලිකාව සමග එක්වෙමිනි.

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ සබාපති ශම්මි සිල්වා ක්‍රිකට් ආයතනයේ දී පැවැත් මාධ්‍ය හමුවකදී කියා සිටියේ වනිදු හසරංග ලෝක කුසලාන එක්දින කණ්ඩායමට ඇතුළත් කිරීමට නොහැකි වූයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලපෑම නිසා බවයි.