ජනතාවට සහන දීම වෙනුවෙන් පමණක් පෙනීසිටින නාමල් රාජපක්ෂ අයවැය ඡන්දය මගහරියි.

0
නාමල් රාජපක්ෂ

අයවැයෙන් ජනතාවට සහන නැති හෙයින් අයවැය  දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී  තමා ඡන්දය දීමෙන් වැළකී සිටිය බව  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

තමා ජනතාවට සහන දීම වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු සඳහන් කළේය.

මෙවර  අයවැය යෝජනාවල හොද නරක දෙකම ඇති බවත් සමහරක් යෝජනා ප්‍රායෝගිකව ඉටුකළ  නොහැකි ඒවා බවත්  මන්ත්‍රීවරයා කීවේය.

ගියවර එනම් 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ  අයවැය යෝජනාම මෙවර අයවැයටද ඇතුළත් කර ඇති බව  නාමල් රාජපක්ෂ පැවසීය.

විශේෂයෙන්ම ආණ්ඩුවේ  මන්ත්‍රීවරයකු ලෙස අයවැයේ වැරදි හා දුර්වලතා පෙන්වා ජනතාව වෙනුවෙන් පෙනී සිටීම  සහ ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමට කටයුතුකිරීම තමන්ගේ යුතුකමක් බවද ඔහු පැවසීය.

ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට ප්‍රායෝගික වැඩපිලිවෙලක්ද  අයවැයේ  නොමැති බවත් එසේම අයවැය යෝජනා බිම්මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටළු ඇතිබව පෙනී යන බවත්  මන්ත්‍රීවරයා කීය

රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන්  මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.