ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් ICC විධායක මණ්ඩල රැස්වීමේ දී අනුමතයි. 19 පහල තරගාවලියත් ලංකාවෙන් දකුණු අප්‍රිකාවට

0
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම්

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගන්නා ලද තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක මණ්ඩල රැස්වීමේ දී අනුමත කර තිබේ.

නමුත් තහනම පැවතුනත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහභාගී වන තරගාවලි සඳහා ඉන් බලපෑමක් ඇති නොවේ.

එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයක් යටතේ නිදහස් කිරීමටද තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සංවිධානය කර තිබූ වයස අවුරුදු 19 පහළ ලෝක උපදාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට කවුන්සිලය තීරණය කර ඇත.

ඒ අනුව එම තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ඔවුන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.