
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් සිටියදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් බාධා එල්ල වීමත් සමග පාර්ලිමේන්තුව විනාඩි 5 කට කල් තබා තිබේ.
විපක්ෂ නායකවරයා අදහස් දක්වමින් සිටියේ, රටේ ආර්ථික බංකොළොත්භාවය සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිබඳවයි.
එහි වැරදිකරුවන්ට දෙන දඬුවම කුමක්දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේ ය.