හිටපු ඇමැති කස්ටියක් අයවැය ඡන්දෙ මගහරින්න කතාබහක්

0
අයවැය ඡන්දෙ

ආණ්ඩුවෙන් ඇමැතිකම් බලාපොරොත්තුවෙලා හිටියත් ඒවා නොලැබුණ පොහොට්ටුවේ හිටපු ඇමැති කස්ටියක් අයවැය ඡන්දෙදි මගහරින්න කතාබහක් කරගෙන යනව. දැනට ආරංචි විදිහට අමාත්‍යංශ 5ක ඡන්දවලදී මේ අය නෑවිත් ඉන්න පුළුවන්ලු… ඒක නවත්තගන්න සමහර බලවත් උදවිය උත්සාහ කරන නමුත් තවමත් ඒ උත්සාහය හරි ගිහිල්ල නැතිලු…

අලුත් වාහන බලපත්‍ර, ඊළඟ ආණ්ඩුවෙ ඇමැතිකම් වගේ නොයෙක් කැරට් අල මේ අය වෙනුවෙන් සූදානම් කරල තිබෙන බවත් ආරංචියි. මේ කණ්ඩායමට නායකත්වය දෙන පොහොට්ටු ප්‍රබලයො තුන්දෙනෙක් ඉන්නවලු. රජරට සහ උඩරට දිස්ත්‍රික්ක මෙයාල නියෝජනය කරන අයලු.

කළුතර සහ කුරුණෑගල පැත්තෙන් ආපු ඇමැතිකම් නොමැති ප්‍රබලයො දෙන්න කියන්නෙ අපි පක්ෂය කියන දේ මිසක් වෙන දෙයක් නොකරන බවලු…

මේ කණ්ඩායම් දෙකට අමතරව ඉන්න තුන්වැනි කණ්ඩායම කියන්නෙ රජයට දැඩි කොන්දේසි දාල සහය දෙමු කියලලු… ඉතින් මේ ගැන ඉදිරි දින දෙක තුනේ අන්තිම තීන්දුවක් ගන්න නියමිත බවයි තතු දත් අය කියන්නෙ

දේශය