තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් සිසුන් හය දෙනකු තුවාල ලැබීමේ සිද්ධිය ගැන පරීක්ෂණය කිරීමට කමිටුවක්

0
තාප්පයක් කඩා වැටී සිසුවියක

වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ කොන්ක්‍රීට් තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් සිසුන් හය දෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම පාසලට නිවාඩුදී ඇතැයිද ඔහු සඳහන් කළේය.

ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසූවේ වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ අනතුර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.

වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලය විද්‍යාලයේ අනතුරුදායක තත්වයක් ඇති වුණා . සිසුන් හයක් ආපදාවට ලක් වුණා. එක සිසුවියක් මියගොස් තියෙනවා . පළමු වැනි වසරේ මෙත්සරණී කෝදාගොඩ ශිෂ්‍යාව. තවත් දරුවන් පස් දෙනකු රෝහල් ගත කරලා තියෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් යම් පිරිසක් විදුහල්පතිට පහර දීලා තියෙනවා ඔහු ඒ ජාතික රෝහලේ ඇස් වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. පානිය ජල පද්ධතියක කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටිල තියෙන්නෙ. කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ ස්ථානයට ගොස් සොයා බලා තිබෙනවා. දැනට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.

මේ සිද්ධිය ගැන කරුණු සොයා බැලීමට පළාත් අධ්‍යාපන ලේකම් සහ අධ්‍යාපන ලේකම්ගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ පාසලට අද නිවාඩු දුන්නා. ඉදිරි පියවර අරගෙන පාර්ලිමේන්තුව දැනුවත් කරනවා.