ඕනෑම මොහොතක සන්නද්ධ අරගලයට සූදානම්

0
සන්නද්ධ අරගලයට

අවශ්‍ය වුවහොත් නැවතත් ඕනෑම මොහොතක සන්නද්ධ අරගලයට සම්බන්ධ වීමට තමන් සූදානම් යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

මෙරට ජනතාවට බලය මාරු කිරීම සඳහා ඡන්ද බලය පාවිච්චි කිරීම පිළිබඳව ආසියාවේ අනිකුත් රටවලට වඩා අත්දැකීම් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ඡන්දෙන් ආණ්ඩු වෙනස් කිරීමට අමතරව සන්නද්ධ අරගල වලින් ද ආණ්ඩු පෙරලීමට උත්සාහ කළ අවස්ථා රටේ ඉතිහාසයේ දක්නට ඇති බවද ඔහු පෙන්වා දෙයි.

75 වසරක සාපයෙන් රට මුදාගෙන යහපත් රටක් ගොඩනැගීමට වන අරමුණ ජය ගැනීමට නම් රාජ්‍ය බලය ලබාගත යුතුව ඇති බවත් ඒ සඳහා සියලු ජන කණ්ඩායම් පක්ෂය වටා ඒකරාශී විය යුතු බවත් ඔහු පැවසීය.

ඒ කතා මේ බව කියා සිටියේ ජාතික ජනබලවේගය සෙංකඩගල කොට්ඨාස සමුළුව අමතමිනි.