ජනාධිපතිට පොහොට්ටුවෙන් විශේෂ ඉල්ලීම් හතරක්

0
ඉල්ලීම් හතරක්

පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ඉල්ලීම් හතරක් සදහන් කරමින් ලිපියක් යොමුකර තිබේ.

වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති එම යෝජනා වන්නේ

1සමෘද්ධි සහනාධාරය දිගටම පවත්වාගෙන යාම,
2. පොහොර සහනාධාරය දිගටම ලබාදීම,
3. මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන නැවත ලබාදීම,
4. රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කරණයේදී රැකියා අහිමි නොකිරීම යි.

පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතාගේ අත්සනින් මෙම ලිපිය යොමු කර තිබේ.

සමෘද්ධි ව්‍යාපාරය රටේ දුප්පත්කම නැති කිරීමට ඇති හොඳම යාන්ත්‍රණය බවත් එම ව්‍යාපාරය වෙනත් නම් ගෙනැවිත් වෙනස් කිරීම සුදුසු නැති බවත් පොදු ජන පෙරමුණ ඒ ලිපිය මගින් සඳහන් කර තිබේ.

කෙසේ නමුත් සහනාධාර සීමා කිරීම, රජයේ සේවය අඩු කිරීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්රී ලංකා රජය අතර වන වැඩ පිළිවෙළෙහි මූලික එකඟතාවයන්ය.