ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවති තරගය කඩුලු 7කින් ඇෆ්ගනිස්තානය ජයගනී

0
ශ්‍රී ලංකාවට එරෙහිව

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානය පන්දුවාර 45යි පන්දු 2කදී කඩුලු 3ක් දැවී තරගයේ ජය හිමිකරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmat Shah පන්දු 74කදී හතරේ පහර 7ක් සමග ලකුණු 62ක් රැස්කරගත්තේය.

නායක Hashmatullah Shahidi ආරක්ෂාකාරී පිතිහරඹයක නියැලෙමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියේය.

පන්දු 74කට මුහුණදුන් ඔහු හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 58ක් රැස්කරගත්තේය.

නායකයා සමග මනා සම්බන්ධතාවයක් ගොඩනැගූ Azmatullah Omarzai කණ්ඩායමේ වගකීම සිය කරමතට ගෙන තරගය ජයග්‍රහණය කරා ගෙන යාමේ භාරදූර වගකීම නොපිරිහෙළා ඉටුකළේය.

එහිදී වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු 63කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 73ක් රැස්කරගැනීමට ඔහු සමත්විය.

පන්දුයැවීමේදී සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්වුවද සුළු මොහොතකින් තරගයේ පාලනය තමන් අතට ගැනීමට ඇෆ්ගනිස්තාන පිතිකරුවන් සමත්විය.

එහිදී ඩිල්ශාන් මදුශංක ලකුණු 48කට කඩුලු දෙකක් දවාගත්තේය.

කසුන් රාජිත කඩුල්ලක් දවාගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කරගතහැකි වූයේ ලකුණු 241ක් පමණි.