දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

0
දකුණු අප්‍රිකා

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය එක් කඩුල්ලකින් ජයගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් Aiden Markram පන්දු 93කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමග ලකුණු 91ක් රැස්කරගත්තේය.

Aiden Markram දැවී යාමත් සමග තරගයේ වැඩි වාසිය පාකිස්තානය දෙසට යොමුවිය.

කෙසේ වෙතත් අවසානයේ ආරක්ෂිතව කඩුල්ලේ රැඳී සිටි Keshav Maharaj හතරේ පහරක් සමග දකුණු අප්‍රිකාව තරගයෙන් තියුණු ජයක් හිමිකරගැනීමට සමත්විය.

ඒ අනුව පන්දුවාර 47යි පන්දු 2කදී ලකුණු කඩුලු 9කට ලකුණු 271ක් රැස්කරගනිමින් දකුණු අප්‍රිකාව තරගයේ ජය හිමිකරගත්තේය.

Shaheen Shah Afridi ලකුණු 45කට කඩුලු 3ක් දවාගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට පැමිණීමට දකුණු අප්‍රිකාව සමත්විය.