සූස්තර පුන්චා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය කොපි කරලා මාට්ටු

0
නීති විද්‍යාල ප්‍රවේශ විභාගය

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ට පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අදාළ විභාගය දී පිළිතුරු සටහන් තොගයක් ළඟ සභා තබාගෙන පිළිතුරු ලිවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

දකුණු පළාත නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් මෙසේ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මන්ත්‍රීවරයා සටහන් තොගයක් ලඟ තබාගෙන විභාගයට පිළිතුරු ලියා ඇතැයි තොරතුරු හෙළි වීමත් සමග පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම පරීක්ෂණ වලක්වා ගැනීමට එම මන්ත්‍රීවරයා දේශපාලඥයන් පසුපස යමින් දැඩි උත්සාහයක් දරමින් සිටින්නේ යැයි ද දැනගන්නට ඇත.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද සඳහන් කරන්නේ තමන්ට ද මේ පිළිබඳව මාධ්‍යවේදීන්ගෙන් ආරංචි ලැබෙමින් පවතින බවත් ඒ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු  වන  බවත්ය.