ඇෆ්ගනිස්තානය පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක දැවැන්ත ජයක්

0
පාකිස්තාන කණ්ඩායමට එරෙහිව

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

මෙය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී පාකිස්තානය පරදවා ඇෆ්ගනිස්තානය වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙස ඉතිහාසගත වෙයි.

පන්දුවාර 49ක් අවසානයේ ඇෆ්ගනිස්තානය කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 286ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තේය.

ලකුණු 283ක ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන් වන Rahmanullah Gurbaz සහ Ibrahim Zadran සමත්විය.

එහිදී Ibrahim Zadran පන්දු 113කදී හතරේ පහර 10ක් සමග ලකුණු 87ක් රැස්කරගත්තේය.

අනෙක් අන්තයෙන් ඔහුට සහාය වූ Rahmanullah Gurbaz පන්දු 53කදී හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමග වේගවත් ලකුණු 65ක් රැස්කරගත්තේය.

අනතුරුව පිටියට පිවිසි Rahmat Shah සහ නායක Hashmatullah Shahidi සාර්ථකව ඇෆ්ගනිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmat Shah හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමග පන්දු 84කදී ලකුණු 77ක් රැස්කරගත්තේය.

නායක Hashmatullah Shahidi පන්දු 45කට මුහුණදෙමින් හතරේ පහර 4ක් සමග ලකුණු 48ක් රැස්කරගත්තේය.

මෙම සුපිරි ජයත් සමග ඇෆ්ගනිස්තානය ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.