තරගයෙන් ජය ඉන්දීය කණ්ඩායමට

0
තරගයෙන් ජය

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියයේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (22) පැවති තරගයෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ පන්දුවාර 48ක දී කඩුලු 6ක් දැවී ලකුණු 274ක් ලබා ගනිමිනි.

එහිදී විරාට් කොලි ලකුණු 95ක් සහ රෝහිත් ෂර්මා ලකුණු 46ක් ලබා ගත්තේය.

ධර්ම්සාලාහි ආරම්භ වු තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාවේ නවසීලන්ත කණ්ඩායමට ලබාදුන්නේය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 273ක් ලබා ගැනීමට සමත් විය.

එම ඉනිම වෙනුවෙන් ඩරිල් මිචෙල් ලකුණු 130ක් සහ රචින් රවින්ද්‍ර ලකුණු 75ක් ලබාගත්තේය.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් ෂමී කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.