එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන් ඉහල පාක්ෂික ප්‍රතිචාර මැද

0
පක්ෂයේ විශේෂ මහා සම්මේලනය

තමා මිතුරාගේ මෙන්ම හතුරාගේත් ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ප්‍රකාශ කළේය.

තමා එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන්ම රටේ ජනාධිපති බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඒ තනතුරු දෙක බෙදාගෙන කළ යුතු බව සඳහන් කළේය.

” මම ඉවත් කරන්නට සිතා මගේ ගෙදර ගිනි තිව්වා. එහෙත් යූඑන්පී කාරයෝ එහෙම අයින් වෙන්නෙ නෑ.

ඊට පස්සේ මම ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න යැයි කිව්වා.ඇත්තටම මම ආවේ ලංකාව සහ එහි පුරවැසියන් ආරක්ෂා කරන්න.ආර්ථික අර්බුදයේ ඇති වූ කාලයේ ඩොලර් දෙසීයක් විතර මගේ ගෙදර තිබුණා.ඒ කාලයේ ලංකා ආණ්ඩුවට වඩා මට විදේශ විනිමය තිබුණා.අපි බාර ගත්තේ එහෙම ආණ්ඩුවක්.

වෙනස පටන් ගන්න ඕන අනුන්ගෙන් නොව තමන් ගෙන්මයි .ඒ නිසා ජනාධිපති ලෙස මා ඒ වෙනස පටන් ගත්තා.21 වෙනි සංශෝධනය සම්මත කොට ජනාධිපති බලතල අඩු කළා.”යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.

පක්ෂයේ විශේෂ මහා සම්මේලනය තුල අනුමතවූ පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය

පක්ෂයේ විශේෂ මහා සම්මේලනය

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය එජාප විශේෂ මහා සම්මේලනයේදී අද ඒකමතිකව සම්මත විය.

පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප ව්‍යවස්ථා සංශෝධනය පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළ අතර එහිදී පක්ෂ සම්මේලනයේ සියල්ලෝම අත් ඔසවා ඊට එකඟතාවය පළ කළහ.

එක්සත් ජාතික පක්ෂයට ඔන්ලයින් සංවිධාන ඇති කිරීමට ඉඩ දීම,කෘත්‍යාධිකාරී මණ්ඩල බලතල විධායක සභාවට ලබා දීම,කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සංඛ්‍යාව අඩු කිරීම ඇතුළු සංශෝධන නව ව්‍යවස්ථාවට ඇතුළත් ය.

එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ සම්මේලනයට නිවේදනය කළේය.

පක්ෂයේ විශේෂ මහා සම්මේලනය

පක්ෂයේ විශේෂ මහා සම්මේලනය