ඊශ්‍රායලයේදී අතුරුදන් වූ ශ්‍රී ලාංකික කත මියගිය බව තහවුරුයි

0
ඊශ්‍රායලයේදී අතුරුදන් වූ

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බවට සඳහන් වූ ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇත.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ එම කාන්තාව හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇති බවට එරට බලධාරීන් විසින් තහවුරු කර ඇති බවය.

ඒ අනුව මෙලෙස මියගොස් ඇති අනුලා ජයතිලක නමැති කාන්තාවගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබීමට නියමිතය.