තරුණියට අමානුෂිකව පහරදුන් ආයතන ප්‍රධානියා සහ බිරිද අත් අඩංගුවට ගත් සැනින් නිදහස්. දෙපාර්ශවය සමාදාන වෙලා.

0
ප්‍රධානියා සහ බිරිද

භාණ්ඩ බෙදාහරින ආයතනයක් තුල එම ආයතනයේ ප්‍රධානියා සහ බිරිද එක්ව වයස අවුරුදු 19 ක තරුණියකට සිදුකරනු ලැබූ අමානුෂික පහරදීමක් සමාජ මාධ්‍ය අවධානයට ලක්ව තිබුනා.

අදාල තරුණිය කල වරද කුමක්දැයි පැහැදිලි නැතත් ආරම්භයේ සිටම අතින් පයින් පුටුවලින් පහරදෙමින් බිම දමා පාගමින් ජීවිතයද අනතුරට ලක්වන ;ලෙස අදාල යුවල එම තරුණියට පහරදෙනු සමාජ මාධ්‍ය තුල සංසරණය වූ වීඩියෝවේ පැහැදිලිව දක්නට ලැබුනා,

සමාජ මාධ්‍ය හරහා එම වීඩියෝව සංසරණය වීමත් සමගම සමාජයෙන් එල්ලවූ විරූධය හමුවේ වත් කිසිවෙකුන් අදාල සිදුවීම සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් වත් ඉදිරිපත් කර නොතිබුනත් ඒ මොහොත්ග වන විටත් පහරකෑමට ලක්වූ තරුණිය රෝහල්ගතව ප්‍රථිකාර ලබා ගනිමින් සිටියා.

ප්‍රධානියා සහ බිරිද

119 ට ලැබුණු පැමිණිල්ලකට අනුව ඊයේ (15) කදාන පොලීසිය මගින් අදාල පහරදීම සිදුකල යුවල අත්අඩංගුවට ගෙන තිබුණා. කෙසේ වෙතත් පහරකෑමට ලක්වූ 19 හැවිරිදි තරුණිය ගේ දෙමවුපියන් විසින් සිද්දිය සමතයකට පත්කරගැනීමට එකග වූ නිසා සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැරීමට කඳාන පොලීසිය කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් අදාල භාණ්ඩ බෙදාහැරීම් ආයතනයේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් භාණ්ඩ සැපයූ ඩරාස් ආයතනය තාවකාලිකව ඔවුන්ට භාණ්ඩ බෙදාහැරීම් සදහා ලබාදීම නවතා තිබෙනවා.