ධම්මික පෙරේරා පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙසින් ජනපතිවරණයට

0
ධම්මික පෙරේරා

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වීමට සූදානමකින් සිටින බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

ඔහුට ඡන්ද ප්‍රමාණයෙන් 51%ක් ලබාගත හැකි යැයි තහවුරු වන්නේ නම් පමණක් තරඟ කරනු ඇති බව ද සඳහන්ය.

ජනාධිපතිවරණයට තරඟ කරන කරන්නේදැයි කරණ ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන්ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂ එකඟතාවක් ඇතිවුවොත් එය විශාල ශක්තියක් බවයි.

පොදු ජන පෙරමුණ යටතේ තරඟ කිරීම ඔහුගේ අපේක්ෂාව බවත් වාර්තාවේ සදහන්ය.