ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමාගමක් යටතට

0
ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව

සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද සමාගමක් යටතට ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුලත් කිරීමට තීරණය කර තිබේ.

එම බැංකු ඇතුළු රාජ්‍ය ආයතන 31ක් එම සමාගම යටතට පත් කිරීමට තීරණය වී ඇත.

රාජ්‍ය ව්‍යපාර ප්‍රතිව්‍යුහගත කරණ ඒකකය විසින් කොළඹ හිල්ටන් හෝටලයේ ජනමාධ්‍ය ප‍්‍රධානීන්ට පවත්වන ලද වැඩමුළුවකදී මේ බව හෙළිවිය.

එහිදී මාධ්‍ය ප්‍රධානීන්ට ලබාදුන් ලේඛණයේ නව සමාගම යටතට පත් කරන රාජ්‍ය ව්‍යාපාර අතර මෙම රාජ්‍ය බැංකු තුනද සදහන් වී තිබින.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ කිසිවක් රාජ්‍ය ව්‍යාපාර ප‍්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට රාජ්‍ය බැංකු කිසිවක් අයත් නොවන බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යාංශ යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුගත කරන වැඩසට අයත් නොවන බවද මහ බැංකු අධිපතිවරයා කියාසිටියේය.