
ගාල්ල, අක්මීමන තලගහ ප්‍රදේශයේ සිදු කර ඇති වෙඩි තැබීමකින් බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා ඝාතනයට ලක්ව ඇත.
පොලිසිය පවසන්නේ ඔහු නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.
බන්ධනාගාර අධිකාරිවරයා පසුගිය වසරේ මාර්තු මාසයේ දී විශ්‍රාම ලබා ඇති අතර මෙම ඝාතනය සිදුකළේ ද කුමන හේතුවක් මතදැයි තොරතුරු වාර්තා වී නැත.
පොලිස් විමර්ෂන ක‍්‍රියාත්මකයි.