ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ට ලිංගික අතවරයක්

0
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කර සිටියේ කාන්තාවන්ට ගරු කිරීම පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාගේ වගකීම බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ තුළ කිසිදු කාන්තාවකට අපහස කිරීම තහනම් වන බවත් එය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන ඒම කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරිය පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඩයනා ගමගේ,

”පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රශ්නයක් නගපු වෙලාවේ රංජිත් මද්දුම බංඩාර මට අසභ්‍ය අයුරින් බැන්නා. ඇත්තටම මට ‘බැල්ලි’ කියන වචනේ පාවිච්චි කළා එතුමා. මං ගාව ඒ රොකෝඩ් එක තියෙනවා. ඒක කතානායකට දීලා තියෙනවා. මේ කතා කරන්නේ සමස්ථ කාන්තාවන් වෙනුවෙන්. මේක වාචික ලිංගික අතවරයක්.. කාන්තාවන් එක්ක ඇරියස් එකක් තියන බණ්ඩාරලා සෙට් එකක් ඉන්නවා. මේකට විනය පරීක්ෂණයක් තියන්න. තනියම කාන්තාවක් හැටියට මං සටන් කරනවා. ඔය ඇඳුම ගලවලා පාරට බැහැලා මේ සාරිය දෙන්නම් ඔබතුමාට..”