බදු වැඩි වීමට හේතු ව අරගලය – නාමල් රාජපක්ෂ

0
බදු වැඩි වීමට හේතු

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

IMF මුවාවෙන් විදුලිය, ජලය සඳහා කරන ගෙවීම්ද වැඩි කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නා.

ඔහු තවදුරටත් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ රජය පැවතියේ නම් දේශීය ආර්ථික මොඩියුලයක් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ඔවුන් විසින් ගන්නා බවයි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට දොස් පවරමින් එකම පිරිසකට නැවත නැවතත් බදු බර පැටවීම වෙනුවට මෙම තත්ත්වයට මුහුණදීම සඳහා දේශීය ආර්ථික යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.