
සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතද අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එය සිදු නොවීය.
මේ සම්බන්ධයෙන් අප අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පනත් දෙකක් එකවර ඉදිරිපත් කිරීමෙන් අධිකරණ කටයුතුවලට යම් බාධාකාරී තත්වයක් මතු වන හෙයින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුව ඉදිරිපත් කරන බවයි.
පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විරෝධතා පෙත්සම් ඉදිරිපත් කෙරෙන අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවා සලකා බැලීමට කාලයක් වැය කිරීමට සිදුවන්නේය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වෙනම කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු බව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ සඳහන් වේ.
මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතෙහි ඇතැම් විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.
එහි උත්තරකරු ලෙස නීතිපතිවරයාට නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ, අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු සෙසු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවය.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.