මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් මොහොමඩ් මුයිසු ජනාධිපති ධුරයට

0
මොහොමඩ් මුයිසු

ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කළ වත්මන් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් පරාජයට පත් කරමින් මොහොමඩ් මුයිසු ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇත.

මොහොමඩ් මුයිසු 54%ක ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබේ.

‘ඉන්දියාව ඉවතට’ යන සටන් පාඨය ඔස්සේ මොහොමඩ් මුයිසු සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය සිදු කළේය.

1978 දී උපත ලද මොහොමඩ් මුයිසු, එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත.

ඔහු දේශපාලනයට පිවිසියේ, 2012 වසරේ නිවාස අමාත්‍යවරයා ලෙසයි.