9වන ශ්‍රේණියේ සිසුවෙක් පාසලේ කසිප්පු විකුනා මාට්ටු

0
9වන ශ්‍රේණියේ

කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 9වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් පාසල තුළ නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු කර තිබේ.

කලවාන පොලිසිය පැවසුවේ එම සිසුවාට තදින් අවවාද කර මුදා හල බවයි.

එම සිසුවා වතුර රැගෙන එන බෝතලය තුළ නීතිවිරෝධී මත්පැන් රැගෙන විත් පසුව කෝප්ප වල දමා ඉහල පන්ති වල ශිෂ්‍යයන්ට අළෙවි කර ඇති බව කලවාන පොලිසිය පැවසීය.