මන්ත්‍රීවරුන්ගේ දේපොළ විනාශයන් වෙනුවෙන් මිලියන 1414 ක්

0
මන්ත්‍රීවරුන්ගේ දේපොළ විනාශයන්

තොරතුරු වාර්තා වන්නේ ඉන් මේ වනවිටත් රුපියල් මිලියන 714 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු සඳහා ගෙවා අවසන් බවටය.

2022 මාර්තු 31 දින සිට ජුලි 22 දක්වා අරගලය ක්‍රියාත්මක වූ කාලසීමාවේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එවක ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාස ඇතුළු දේපොළ ගිනි තබා විනාශ කෙරුණි.

එලෙස දේපොළ හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පාර්ලිමේන්තු කටයුතු අංශය පියවර ගනු ලැබීය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට මේ වනවිට හානි පූර්ණ වන්දි ලෙස ලබාදී ඇති මුදල රුපියල් මිලියන 714 කි.

එමෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකුටත් හානි පූර්ණ වන්දි මුදල් ගෙවීම සඳහා තීරණය කර තිබේ.

එම මන්ත්‍රීවරුන් 13 දෙනා වෙනුවෙන් තක්සේරු කර ඇති මුදල රුපියල් මිලියන 700 කි.

මෙම අතිරේක ප්‍රතිපාදන ලබාගැනීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතියත් හිමිව අවසන්.

මෙලෙස හානි පූරණ වන්දි මුදල් ප්‍රදානය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 200 ක පමණ මුදලක් අවශ්‍ය වනු ඇති බව ද පාර්ලිමේන්තු කටයුතු අංශය අවධාරණය කරයි.

මේ අතර අරගල කාලසීමාවේදී දේපොළ විනාශ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ සිවිල් පුරවැසියන් 73 දෙනකු සඳහා ද හානිපූර්ණ වන්දි ලෙස රජය රුපියල් මිලියන 519ක් ප්‍රතිශත වශයෙන් ලබාදී තිබේ.

එම පුද්ගලයින්ට වන්දි මුදල් ප්‍රදානය කිරීම සිදුකරනු ලබන්නේ, ”හානි පූර්ණය සඳහා වන කාර්යාලය” මගිනි.

ඔවුන්ට හිමි ඉතිරි වන්දි මුදල් ඉදිරියේදී ගෙවීමට කටයුතු කරනු ඇති.