A සාමාර්ථ දහසක් කියන පුද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ F සාමාර්ථ 5000 යි

0
A සාමාර්ථ දහසක්

තමන්ගේ උපකාරක පන්ති වලට සහභාගි වූ සිසුන් සඳහා A සාමාර්ථ දහසක් පමණ ඇති බව කියන පුද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ පන්තිවලට සහභාගි වූ අති විශාල සිසුන් ප්‍රමාණයක් F සාමාර්ථ ලබා ගෙන ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

තම පුද්ගලික උපකාරක පන්ති ප්‍රවර්ධනය කිරීමට වසර කිහිපයක් තිස්සේ A සාමාර්ථ පමණක් ලබා ගත් සිසුන් ගණන මතු කර පෙන්වන පුද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ පන්තිවලට සහභාගි වන වැඩි ප‍්‍රතිශතයක් ඉහල සාමාර්ථ ලබා නොගන්නා බවත් ඔහු පැවසීය.

තමන්ගේ උපකාරක පන්තිවලට සහභාගි වූ සිසුන්ට A සාමාර්ථ දහසක් පමණ ඇති බවට ප්‍රචාරය කරන ගුරුවරුන්ගේ උපකාරක පන්තිවලට සහභාගි වූ සිසුන් පනස්දහසක් හෝ ඊටත් වැඩියෙන් එම වසරවලදීම F සාමාර්ථ ලබා ඇති බවද ප‍්‍රතිඵල දත්ත ඇසුරින් පෙන්වා දිය හැකි බවත් හෙතෙම කියා සිටියේ ය.

නමුත් ඔවුන් ‘A’ සාමාර්ථ තමන්ගේ නමට දාගෙන F සාමාර්ථ පාසලේ ගුරුවරයා නමටත් ලබාදෙමින් සිටීම ඉතා අසාධාරණ බවත් හෙතෙම පැවසීය.

ලංකාවේ වැඩිම A සාමාර්ථ ලබා ලබාගෙන ඇති ගුරුවරයාම ලංකාවේ වැඩිම F ලබාගෙන ඇති ගුරුවරයාම බවත් විභාග ප‍්‍රතිඵල දත්ත ඇසුරින් තහවුරු කල හැකි බව ද හෙතෙම තවදුරටත්  කියා සිටියේය.