2011 ලෝක කුසලාන තරගාවලිය පාවාදුන් බව සහතිකයි

0
2011 ලෝක කුසලාන තරගාවලිය පාවාදුන්

2011 ලෝක කුසලාන තරගාවලිය පාවාදුන් බවට තමන් විසින් එදා කළ චෝදනාව අද ඔප්පු වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එදා එම ප්‍රකාශය කළේ තමන්ට ලැබුණු තොරතුරු පදනම් කරගෙන බව ද ඔහු සදහන් කරයි.

නමුත් ඒවා හෙළිදරව් කිරීම කළ පසු සියලු පාර්ශව එක්ව තමන්ට පහර දුන් බවත් තමන් රහස් පොලිසියට ගෙන ගිය බවත් ඔහු සිහිපත් කරයි.

නමුත් තමන් විසින් එදා කළ හෙළිදරව්ව අද වන විට ඔප්පු වී ඇති බවත් තරග පාවාදීමේ ලංකාවේ නියෝජිතයා ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු බවට හෙළිවී ඇති බවත් ඔහු තවදුරටත්  සඳහන්  කළේය.