සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය ජය පකිස්ථානයට

0
සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය

2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය කඩුලු 7කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම අද (06) සමත් විය.

එම තරගය පැවැත්වුණේ පාකිස්තානයේ ලාහෝර් නුවර දීය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 38යි පන්දු 04 අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වුණේ, ලකුණු 193ක් පමණි.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුශ්ෆිකුර් රහීම් ලකුණු 64ක් රැස්කළ අතර නායක ෂකීබ් අල් හසන් ලකුණු 53ක් රැස්කළේය.

ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 39යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 194ක් රැස්කර ගත්තේය.