චැනල් 4 නාලිකාවට රාජපක්ෂවරුන් සමඟ ඓතිහාසික එදිරිවාදිකමක් තියෙනවා. ඒත් මේ වෙද්දී Channel 4 වීඩියෝවත් නෑ..

0
චැනල් 4 නාලිකාවට රාජපක්ෂවරුන්

2009 යුද්ධය අවසන් කිරීමෙන් පසු චැනල් 4 නාලිකාවට රාජපක්ෂවරුන් සමඟ ඓතිහාසික එදිරිවාදිකමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

චැනල් 4 නාලිකාව විසින් නිකුත් කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ වීඩියෝ පටය නිෂ්පාදනය කිරීමේදී, එහි විශ්වසනීයත්වයක් තිබේ නම් එය ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ඉවත් කළේ මන්දැයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

චැනල් 4 නාලිකාවේ නවතම වීඩියෝ පටය ත්‍රස්තවාදීන් තුරන් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමට හෝ කාගේ හෝ දේශපාලන අරමුණක් ඉටුකර ගැනීමේ තවත් උත්සාහයක් විය හැකි බවද ඔහු පැවසීය.

“2009 යුද්ධය අවසන් කළාට පස්සේ චැනල් 4 එකට මගේ පවුලත්, මගේ තාත්තාත්, රාජපක්ෂ නමත් එක්ක ඉතිහාසගත තරහක් තියෙනවා. එදා ඉඳන් රාජපක්ෂලාට විරුද්ධව වීඩියෝ නිකුත් කරනවා. චැනල් 4 මාධ්‍ය ආයතනයක් විදියට නෙවෙයි මම දකින්නේ, වීඩියෝ නිෂ්පාදන ආයතනයක් විදිහට” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය

කෙසේ නමුත් News Web විසින් කල සොයාබැලීමකදී තහවුරු වූයේ එම වීඩියෝව එම ආයතනය මගින් ඉවත් කරගෙන නොමැති අතර මේ මොහොතේදීත් එම වීඩියෝව විකාශණය වූ මුල් අයුරෙන්ම තවමත් Channel 04 නාලිකාවේ දිස්වන බවයි.