රාජපක්ෂලාගේ බල උන්මන්තක බව ම්ලේච්චත්වය කියාපාන Channel 4 සම්පූර්ණ Video මෙන්න

0
Channel 4

රාජපක්ෂ කඳවුරට බලය ලබාගැනීමට දේශපාලන ආරක්ෂක අස්ථාවර තත්වයක් නිර්මාණය කිරීමේ අරමුනෙන් පාස්කු ප්‍රහාරය සිදුකල බව බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව වාර්ථා වැඩසටහනක් මගින් අද උදෑසන හෙළිදරවු කලා.

මූලාශ්‍රය ලෙස පදනම් කරගෙන ඇත්තේ පිල්ලෙයාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා නමැත්තා විසින් කරන ලද ප්‍රකාශකි.

අද නිකුත් කළ Video වට අනුව එවක හමුදා බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් අන්තවාදී සංවිධානයේ සාමාජිකයකු අතර හමුවක් දුරස්ථ ගොවිපලක සංවිධානය කළේ තමන් බව අසාද් මවුලානා ප්‍රකාශ කර තිබේ.

එහිදී අසාද් මවුලාන ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අදාළ හමුව සංවිධානය කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවය.

ඊට පෙර සයිනී මවුලවී නමැත්තා හමුවන ලෙස උපදෙස් දුන් බවත් අසාද් මවුලානා ප්‍රකාශ කර තිබේ.

පසුව ඔහු පාස්කු ප්‍රහාරයේ මූලිකයා වූ සහරාන්ගේ සොහොයුරා බව දැනගත් බවද අසාද් මවුලානා එහිදී ප්‍රකාශ කරයි.

රැස්වීම අවසානයේ තමා වෙත පැමිණි සුරේෂ් සලේ මහතා රාජපක්ෂවරුන්ට රට තුළ අනාරක්ෂිත බවක් ඇතිකිරීමට අවශ්‍ය බවත්, ගෝඨාභය රාජපක්ෂට බලයට පැමිණිය හැකි එකම මඟ එය බවත් පැවසීයැයි අසාද් මවුලානා සඳහන් කර තිබේ.

කෙසේවෙතත් චැනල් 4 නාළිකාව පවසන්නේ මේ සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හෝ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ප්‍රතිචාර නොදැක්වු අතර සුරේෂ් සලේ මහතා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ බවය.

සහරාන් ඇතුළු පිරිස හමුවී යැයි කියන කාලවකවානුවේ තමා මැලේසියාවේ සිටි අතර පාස්කු ප්‍රහාරය සිදුවන විට ඉන්දියාවේ රැඳී සිටි බව සලේ මහතා පැවසූ බවද චැනල් 4 නාළිකාව පවසයි.

අදාල වාර්ථා වැඩසටහනේ සම්පූර්ණ Video ව පහලින්