දයාසිරි නිදහස් පක්ෂ මහලේකම් කමෙන් පන්නයි. නැවතත් එජාපයට ? ලොකු තනතුරකුත් සූදානම් ?

0
දයාසිරි නිදහස් පක්ෂ

දයාසිරි නිදහස් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්කර තිබේ.

News Web කළ විමසීමකදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේ, 05 රාත්‍රියේ ඉවත් කිරීමට අදාළ ලිපිය තමාට ලැබුණු බවය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව ලිපියක් නිකුත් කරමින් දන්වා ඇත්තේ, දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සමාජිකත්වය තහනම් කර ඇති බවය.

දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බව ද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව ඉදිරි දින 14 ඇතුළත විනය කඩකිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය එවීමට කටයුතු කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස එම පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා පත්කිරීමට නියමිත තිබේ.

News Web කළ විමසීමකදී සරත් ඒකනායක මහතා සඳහන් කළේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමාට කැඳවීමක් කර ඇති බවය.

දයාසිරි නිදහස් පක්ෂ තනතුර අහිමිවීම සහ සභාපති ගැන මාධ්‍ය සාකච්චාවක

පක්ෂයේ බලය තමා විසින් අල්ලනු ඇතැයි පක්ෂ සභාපතිවරයාට බියක් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රතිචාර දක්වමින් දයාසිරි ජයසේකර මහතා ඒ බව පැවසීය.

ඊයේ (06) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් දයාසිරි ජයසේකර මහතා මෙම කරුණු අනාවරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

“මට අදහගන්න බැරුව ගියා.. මොකක්ද මේ හේතුව කියලා. පිරිසකට අවශ්‍ය වෙලා තිබෙනවා.. මේ පක්ෂය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස්කරුවෝ විදියට හේත්තු කරන්න. අවසානයේ වුණේ පක්ෂය ආරක්ෂා කරපු මාව එළියට දැම්මා. මම කනගාටු වෙන්නේ නැහැ. මෙවැනි තීරණ අපේ සභාපතිතුමා ඉතිහාසයෙත් අරගෙන තිබෙනවා. මම පක්ෂය දාලා යන්නේ නැහැ.”

“පක්ෂ සභාපතිතුමාගේ යම් භීතියක් තිබුණා… මම පක්ෂයේ බලය අල්ලයි කියලා. මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්. ඊයෙත් අපි දෙන්නා එකතු වෙලා කතා කරලා ගියේ පාර්ලිමේන්තුවේ. රෑ වෙනකොට මගේ බෙල්ල කපයි කියලා මම හිතුවේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතාට මම තාත්තා කෙනෙකුට වගෙයි ආදරය කළේ. තාත්තලා පුතාලගේ බෙල්ල කපන්නේ ඇයි කියලා තමයි ප්‍රශ්නය තියෙන්නේ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,

“පොඩ්ඩක් එයාගේ වැඩකටයුතු නැවැත්තුවා. එයා කරන අනං මනං වැඩ නතර කරගෙන අපිත් එක්ක එකඟත්වයකට ආවා නම් පක්ෂයට එන්න පුළුවන්. අපි භාර ගන්නවා. හැබැයි ලේකම් තනතුරට නෙමෙයි. ළඟින්ම ඉන්න එක්කෙනාගෙන් තමයි.. ඉතින්.”

මින් පෙර News Web මගින්ද හෙළිකල පරිදි පසුගිය නිදහස් පක්ෂ අරබුධය හමුවේ එක්සත් ජාතික පක්ෂය සමගද යම් සාකච්චාමය එකඝතාවයකට පැමිණ තිබුණා

පෙර පුවතට මෙතැනින්