උසස් පෙළ – 2022 ප්‍රථිපල එයි පළමු වැනියෝ මෙන්න

0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2022 විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තුමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකිය

උසස් පෙළ – 2022 සුජාතා දියණිය ජිව විද්‍යාවෙන් කප් ගසයි

අපොස උසස් පෙල 2022 විභාගයේ ජිවි විද්‍යා අංශයේ දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගැනිමට  මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණි මුණසිංහ සිසුවිය සමත් වූවාය.

ජීව විද්‍යා අංශයෙන් දිවයිනෙන් දෙවන ස්ථාන දිනාගැනිමට මාතර සුජාතා දියණියක සමත් වුවාය. ඇය නුපේ පදිංචි එස්.එම්.පී ලෙමාෂා උදයන්ගනීය

පමුදිට ජීව විද්‍යා අංශයෙන් පළමු තැන ලැබද්දේ ඇගේ හොඳම මිතුරිය වූ ලෙමාෂා දිවයිනෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත්වීම පාසල ලැබූ විශාල ජයග්‍රාහණයකි

ඔවුන් දෙදෙනාම එකට පාසල් ගිය එකම පන්තියයේ අඹයාළුවෝය.  එකමට අධ්‍යාපන කටයුතු ද සිදු කළාය.

ජයග්‍රහණය ගැන අදහස් දැක් වූ ප්‍රමුදි භාෂණි මෙසේ කීවාය.

“මුල සිටම ඉලක්කයකට අනුව වැඩ කළා.පාසලෙන් හා ටියුෂන් අධ්‍යාපනයෙන් විෂය නිර්දේශය ආවරණය කර ගත්තා.පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ලම පාහේ සොයා ගෙන අධ්‍යයනය කළා.ඒ තුලින් මට මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා.

මාතර වැවහමන්දුව සූරච්චිය පාර තුන් වන පටු මගේ පදිංචි ප්‍රමුදි ගේ පියා සමන් තිලක් මුණසිංහ (55) මහතාය. ඔහු අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයේ පර්යේෂණ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක වරයාවේ.

ප්‍රමුදි ගේ මව ඉන්දික සමන්තිනි නරසිංහ (50) මහත්මිය මාතර කෘෂිකර්ම කාර්යාලයේ කෘෂිකර්ම උපදේශිකාවකි.

ඇගේ එකම නැගණිය වන චමිදි ඕෂණි මුණසිංහ (18) සුජාතා විද්‍යාලයේම ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන අතර ලබන වසරේ දී විභාගයට මුහුණ දීමට සූදානමින් සිටී.

සුජාතා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවක ද වන ප්‍රමුදි භාෂණි මුණසිංහ සිසුවිය තම ජයග්‍රහණය පිළිබඳව වැඩිදුරටත් මෙසේද කීවාය.

“මම මුල සිටම ඉලක්කයකට අනුව විභාගයට මුහුණ දුන්නා.විභාගය කිට්ටු වන විට විභාගයට අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කර ගෙන තීබුණා.ඒ නීසා කලබලයක් නැතිව සැහැල්ලු මනසකින් විභාගයට මුහුණ දුන්නා.

මම හිතුවේ නෑ මේ තරම් ජයග්‍රහණයක්. මගේ ඉලක්කය වුනේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමටයි.අද අම්මා ගෙදර ආවට පස්සෙයි මම ජංගම දුරකතනයෙන් මගේ විභාග ප්‍රතිඵලය බැලුවේ. ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පලවැනියා කියලා දැන ගත්තම මට ලොකු සතුටක් දැණුනා.

මම ශිෂ්‍යත්වය විභාගය ද ලකුණු 179 ක් අර ගෙන සමත් වුණා.සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ 9 ක් ලබා ගෙන මාතර දිස්ත්‍රික්කයෙන් අට වැනියා බවට පත් වුණා.පාසලේ බාලදක්ෂ වලට අමතරව චෙස් ක්‍රීඩාව ද සිදු කලා.සිංහල භාෂා දීන තරග වලට හා ඔලිම්පියාඩ් තරග වලට සහභාගී වී ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා.

උසස් පෙළ – 2022 භෞතික විද්‍යා අංශයෙන් පළමු තැන රාජකීයට

මෙවර අපොස උසස් පෙළ භෞතික විද්‍යා  දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ජි.මානෙත් බානුල ශිෂ්‍යයා හිමිකර ගත්තේය.

ඔහු බණ්ඩාරගම  පදිංචි සිසුවෙකි.  සිවිල් ඉංජිනේරු වරයකු වූ සිසිර කුමාර පෙරේරා හා පානදුර කේතුමතී කාන්තා රෝහලේ වෛද්‍යවරියක වු සුධම්මා ලෙනෝරා මහත්ම මහත්මීන්ගේ කණිටු පුතු නුවන් ය

පානදුර ශාන්ත ජෝන් ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් ව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව ඇත.

උසස් පෙළ – 2022 වානිජ අංශයෙන් පළමු තැන සිරිමාවෝ බාලිකාවට

අපොස උසස් පෙළ විභාගයේ (2022) වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානය කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා ශිෂ්‍යාව හිමිකරගැනීමට සමත්ව සිටින්නීය.

උසස් පෙළ – 2022 ඉන්ජිනේරු තාක්ෂණයෙන් පළමුතැන රිච්මන්ඩ් පුතෙකුට

තාත්තා නැතිවෙලා තුන්මාසයේ පිංකම දිනයදා විභාග ප්‍රථිපල ලැබුනා. තාත්තා ආශා කරපු විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහල තැනක ඉන්න ලැබිම ගැන සතුටට පත්වෙනවා යැයි. ඒ සතුට භුක්ති විඳින්න තාත්තා අද ජීවතුන් අතර නෑ යැයි  ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ 2022 වර්ෂය වසරේ පැවති අ.පො. ස උසස්පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ගාල්ල, රිච්මන්ඩ්විද්‍යාලයේ කේ.පි.සමුදිත නයනප්‍රිය සිසුවා පැවසිය.

ගාල්ල, හිනටිගලපාර, උණවටුන ප්‍රදේශයේ පදිංචි සමුදිත නයනප්‍රිය සිව් දෙනෙකුගෙන් යුත් පවුලක බාලදරුවාය. ඔහුගේ මව ඇදුම් මැසිමේ නිරතවන අතර සිය ජයග්‍රහනය පිළිබද අදහස් දක්වමින් මෙසේ කිවේය.

මම ගාල්ල උණවටුන මහාවිද්‍යාලයේ ප්‍රාථමක අධ්‍යාපනය හැදැරුවා. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට උස්ස අධ්‍යාපනය හැදැරිමට ගියා. සා.පෙළ විභාගයෙන් විෂයන් 09ටම ඒ සමාර්ථ ලබා ගත්තා. තාක්ෂණ විෂය ධාරවෙන් 2022 වර්ෂයේ උසස්පෙල විභාගයට පෙනි සිටියා. ඇත්තටම සතුටුයි. තාත්තා නැතිවෙලා තුන්මාසයේ පිංකම දිනයදා විභාග ප්‍රථිපල ලැබුනා. තාත්තා ආශා කරපු විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහල තැනක ඉන්න ලැබිම ගැන සතුටුයි. විභාගය සමත්වන බව දැනගෙන හිටියා. නමුත් ලංකාවෙන්ම පළමු තැනට පත්වේවි කියලා හිතාගෙන හිටියේ නැහැ. එකනම් පුදුමයක්.

උපාකරක පංතිවලට ගියා. මම 01,02,03,04 යන පංතිවල දි මාගේ තාත්තා මාව හුරුකළා පාසල් අධ්‍යාපනයට. මම කුඩාකාලයේ සිට කැමති බාහිර අධ්‍යාපනක්‍රමවලට තාත්තා මට කුඩා කාලයේ දි උගන්වපු දේවල් හා තාත්තා මාව ගයිඩ් කරපු විදිය නිසා තමයි මට අද මෙම තත්වයට එන්න පුළුවන් වුනේ. තාත්තා ඒ විදියට නොකරන්න සමහර විට අද මම මෙතන නොඉන්න පුළුවන්.