වාහන 15 පමණ හප්පා පලා යමින් සිටි රියදුරකු පසුපස එළවා පැමිණි පිරිසක් අතුරුගිරිය පොලිස් ස්ථානය තුලදී එම රියදුරුට පහර දී තිබේ.
අද පස්වරුවේ පොලිස් ස්ථානය තුළ බිම පෙරළාගෙන එසේ පහර දීමෙන් ඇතිවූ උණුසුම් තත්වය පාලනය කිරීමට පොලීසිය විසින් අහසට වෙඩි තබා ඇත.
පහර දුන් පුද්ගලයන් සහ වාහන හප්පා පලා ගිය රියදුරැද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
බීමතින් කුඩා ලොරි රථයක් පදවාගෙන පැමිණ ඇති අදාළ සැකකාර රියදුරා මාර්ගයේ ධාවනය වූ වාහන 15 කට වැඩි ප්‍රමාණයක් අනතුරට ලක් කරමින් අධික වේගයෙන් රථය පදවා තිබූ බව පොලිසිය පවසයි.
එම රථය ගැටුණු අනෙක් රථවල රියදුරන් පසුපස හඹාගෙන පොලිසිය තෙක්ම පැමිණ ඇති බවද පොලිසිය කියා සිටියි.