ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ ලොව හොඳම මහබැංකු අධිපතිවරු 21 අතරට

0
නන්දලාල් වීරසිංහ

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ලොව ඉහළම පෙළේ මහ බැංකු අධිපතිවරුන් අතරට ඇතුළත් කර තිබේ.

ඇමරිකාවේ නිව්යෝර්ක්හි ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් නන්දලාල් වීරසිංහ මහතා ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරයෙකු ලෙසට නම්කර ඇත.

එම ශ්‍රේණියේ මහ බැංකු අධිපති ලෝකයෙන්ම නම් කර ඇත්තේ විසි එක් දෙනෙකු පමණි.

මෙම ශ්‍රේණියට මහ බැංකු අධිපතිවරුන් නම් කරන්නේ ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය, උද්ධමන පාලනය, පොලී අනුපාත ක්‍රමය ආදියේ කාර්ය සාධනය සැලකිල්ලට ගනිමිනි.

මෙවර එම ශ්‍රේණිගත කිරීම අනුව ඒ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමි වී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපතිවරයාට ය.

නන්දලාල් වීරසිංහ