ටිරාන් අලස් ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

0
ටිරාන් අලස්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා සඳහන් කරයි.

පොලිසිය භාර අමාත්‍යවරයා වශයෙන් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ටිරාන් අලස් මහතා ද හැකියාවක් නැති බවත් එහෙයින් ඔහු තම එම ධුරයේ රැඳී සිටීමෙන් ඵලක් නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙරට සිදුවන පාතාල ක්‍රියාකාරකම් පාලනය කිරීමට මසක් ඇතුලත පියවර නොගතහොත් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

‘ටිරාන් අලස්ට පැහැලිව කියනවා මාසයක් යන්න කලින් ඔබතුමාගේ නායකත්වය පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න පුළුවන් විශ්වාසනීය තැනකට රට ගේන්න ඕනේ. එහෙම බැරිනම් ඉල්ලා අස්වෙන්න ඕනේ. ඉල්ලා අස්වුණේ නැත්නම් අපි මේ වෙනකොටත් පසුවෙල මන්ත්‍රීවරු, පක්ෂ විපක්ෂ සියලුදෙනා සාකච්ඡා කරගෙන යනවා අනිවාර්යයෙන්ම විශ්වාසභංගයක් ගෙනල්ලා තනතුරෙන් අයින් කරනවා’