ජනතා විමුක්ති පෙරමුණ සමග තියෙන ඩීල් එක ටිරාන් හෙළිකරයි

0
ජනතා විමුක්ති පෙරමුණ සමග

තමන්ට ජනතා විමුක්ති පෙරමුණ සමග 2010 වසරේදී සිට දේශපාලන ඩීල් එකක් පැවති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

2010 වසරේ දී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ ජනතා විමුක්ති පෙරමුණ සමග තමන්, සරත් ෆොන්සේකා, අර්ජුන රණතුංග පාර්ලිමේන්තුවට කරග කල බවද හෙතෙම පැවසීය.

එම කාලයේ දී ජනතා විමුක්ති පෙරමුණේ සිටි පුබුදු ජාගොඩ සහ දුමින්ද නාගමුව දවස පුරාම ගත කළේ තම කාර්යාලයේ බවත් ඔවුන් මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවන ලද්දේ තම කාර්යයාලයේ සිට බවද කියා සිටියේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

තමන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා දූපතක ආයෝජනයක් කර ඇති බවට වූ චෝදනාව පිළිබඳව තමන් රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නද මෙතෙක් ඒ පිළිබඳව දුමින්ද නාගමුවගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නැති බවද ඔහු තවදුරටත් එහිදී පැවසීය.