සම්මාන උළෙලෙහිදී ක්‍රීඩිකාවකගේ දෙතොල් සිපගත් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරෙන් ඉවත් කරයි

0
ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

සිදුකළ විනය පරීක්ෂණයෙන් පසුව මාස 3කට ඔහුව එම ධූරයෙන් ඔහුව ඉවත් කිරීමට ඊයේ (26) තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එම ධූරයෙන් ඉවත්වෙන ලෙස බලකරමින් ස්පාඤ්ඤය තුළ විරෝධතාවක් ද ආරම්භ කර තිබුණි.

ඒ නිමාවූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවයේදී ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් ක්‍රීඩිකාවන්ට සුබපැතුම් එක්කළ අවස්ථාවේ එක් ක්‍රීඩිකාවකගේ දෙතොල් සිපගැනීම හේතුවෙනි.

එම සිද්ධිය ලෝකයේම අවධානය හිමිකරගත් සිද්ධියක් වූ අතර ලුයිස් රුබියල්ස් සඳහන් කළේ සතුට වැඩිකමට ඔහු එය සිදුකළ බවය.

පසුව එම සිද්ධියට මුහුණදුන් ක්‍රීඩිකාවද ඒ සිද්ධිය විවේචනය කර තිබුණි.

අනතුරුව ස්පාඤ්ඤ පාපන්දු සංගමයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විනය පරීක්ෂණයක් ආරම්භ කළේය.

කෙසේවෙතත් තමා ධූරයෙන් ඉවත් නොවන බව ලුයිස් රුබියල්ස්ට පවසා තිබුණි.

ඒත් සමඟ ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඇතුළුව එරට පාපන්දු ක්‍රීඩිකාවන් 81 දෙනෙකු තමන් ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙසට නිවේදනය කර තිබුණි.

ඔවුන් පවසා සිටියේ ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් ධූරයෙන් ඉවත්වන තුරු ඔවුන් ක්‍රීඩා නොකරන බවය.