මවට ප්‍රතිකාර ලබාදීමට නිවාඩු නෑ. කොස්තාපල් පොලිස් සේවය හැරයයි

0
මවට ප්‍රතිකාර

රෝගාතුරව නිවසේ සිටින මවට ප්‍රතිකාර ලබාදීමට යාමට නිවාඩු ලබා නොදුන් බව පවසමින් හලාවත පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන ආරච්චිකට්ටුව පොලිස්ථානයේ රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ (25)පොලිස් පොතේ සම්බන්ධව සටහනක් තබා රාජකාරියෙන් බැහැරව ගිය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආධුනික පොලිස් කොස්තාපල් වරයෙක් එසේ බැහැරව ගොස් ඇති අතර රෝගාතුරව සිටින බව මව බැලීමට යාමට නිවාඩු ඉල්ලා සිටියත් එම නිවාඩු අනුමත නොකිරීම නිසා තමාට තවදුරටත් රාජකාරි කරගෙන යෑමට තරම් මානසික තත්ත්වයක පසු නොවන බවයි ඔහු පොලිස් පොතේ පිටු අතර සටහන් කර තිබුණේ.

දින 60ක කාලයක් නිවාඩු ලබා නොගෙන රාජකාරි කර ඇතත් රෝගාතුරව සිටින සිටින මව බැලීමට යෑමටනිවාඩු අනුමත කර නොදුන් නිසා ආධුනික පොලිස් කොස්තාපල් වරයා සිත් වේදනාවෙන් පසුවූ බවද වාර්තා වෙනවා.